අපගේ දැක්ම
“ ප්‍රජාවත් පරිසරයත් සුරක්ෂිත වූ සංස්කෘතික කොට්ඨාසයක් “අපගේ මෙහෙවර
ආයතනය සතු සම්පත් හා ආයතනයන්ගේ මනා සම්බන්ධීකරණය තුළින් සේවාලාභීන් වෙත සඵලදායි සේවාවක් සැපයීමත්,එමඟින් ප්‍රාදේශීය සංවර්ධනය ඇතිකරලීම හා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම.ඉතිහාසය ඇලහැර
මුල ඓතිහාසික යුගයෙන් ඔබ්බට දිවෙනා දීර්ඝ උරුම කියන්නාවු ඇලහැර,ලෝහ තාක්ෂණයේ හා වාරි කර්මාන්තයේ නිපුන් ගෝත්‍රික ජනතාවගේ වාස භූමියක්ව පැවති බවට පැහැදිලි සාක්ෂි හඳුනාගත හැකිය.එසේම ඔවුන් අපෙන් ගිලිහී ගිය දියුණු සංස්කෘතියකටද හිමිකරුවෝ වුහ.
අනුරාධපුර කේන්ද්‍ර කොට එක්සේසත් වු ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන පාලන ඒකක තුනක් විය. ත්‍රී සිංහලය නම්වු එය නැවත කුඩා ඒකක 108 කට බෙදී තිබුණි.මේවා "රටවල්" ලෙස හැඳින්වු අතර රජරටට අයත්වූ රටවල් 44 න් තෙවැන්න "අලිසාර රට්ඨය" විය.ආලිසාර >ඇළඝර>ඇළහැර ලෙස පරිණාමය විය.බටහිරින් "සුර අම්බවන" රටින්ද වයඹින් "අම්බවන රටින්ද"උතුරින් "ජනපද රටින්ද"මායිම් වූ ආළිසාර රටට ආළ ග්‍රාමයේ (ඇළගොමුවේ) සිට කෝන්දුරුව (කෝදුරුවාව) දක්වා අඹන් ගඟ දෑල අයත් විය. ආළි ග්‍රාමය ආළිසාර රටේ ප්‍රධාන මුරපොළ විය.විල්ගමුවද (නමලත් දුර)දේවගිරියද,දාස්ගිරියද අතීතයේ ආළිසාර රටට අයත් වු ග්‍රාමයන් විය.මායා රටේ සිට පැරණි පුලනරු(පොලොන්නරුව) දක්වා විහිදී යන ප්‍රධාන මාර්ගයේ ආළිසාර රටට අයත් ස්ථාන නාම කිහිපයක් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන්වේ.ආළිග්‍රාමය තලාත්ථලකත්ථලි (තලාගොඩ)මිලාන කද්දූර් (හඳුනාගෙන නොමැත) කී රාට්(හීරටිය) උද්ධකුරංගම අධෝකුරංගාම(හඳුනාගෙන නොමැත) හත්තනඛන්ඩ්ඩාලගම (අත්තනකඩවල) ඉන් සමහරකි.
ආළිසාර රටේ ජීවනාලිය ආළිසාර ඇලයි.ලාංකීය වාරි තාක්ෂණයේ අගනා නිර්මාණයක්වූ එය අනුරාධපුර රාජධානියේ පාලකයෙක්වූ වසභ රජුගේ නිමැවුමක් යැයි කියතත් එහි සැබෑ ආරම්භය එයිනුත් අෑතට දිවයන බවට සාධක හඳුනාගෙන තිබේ.ඉන් පසු අවස්ථා කිහිපයකදීම වසභ,මහසෙන්,I අග්බෝ,II අග්බෝ, මහා විජයබාහු සහ පරාක්‍රමබාහු ආදී රජවරුන් විසින් මෙම අගනා වාරි නිර්මාණය සංවර්ධනය කොට අඹන් ගංගාවෙත් මහා වාලුකා නදියෙත් බටහිර ද්‍රෝනි සශ්‍රීක ගොඩබිම් බවට පරිවර්තනය කොට තිබේ.12 වන සියවසේදි ආළිසාර ඇල හත්තොට අමුණ,ඇලහැර,මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සිට මුහුද දක්වා කොටස නෞකා ගමනාගමනය සඳහාද යොදාගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි.
සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එම්.පී.එස්.ධම්මසේන මයා | 1972 | 1977 |
| පාලිත ඇල්කඩුව මයා | 1977 | 1977 |
| ඩබ්.ජයවර්ධන මයා | 1978 | 1983 |
| යූ.ඩී.යාපා මයා | 1983 | 1991 |
| ඩබ්.එම්.ගුණවර්ධන මයා(වැ.බ) | 1991 | 1992 |
| එන්.බී.උඩගෙදර මයා | 1992 | 1993 |
| ජේ.එච්.එම්.රණවීර මයා | 1993 | 1995 |
| ජී.ඩී.කේ.ගම්ලත් මයා | 1995 | 1995 |
| පී.රාජපක්ෂ මයා | 1995 | 1995 |
| පී.එල්.නන්දසිරි මයා | 1995 | 1998 |
| පී.රාජපක්ෂ මයා (වැ.බ.) |
1998 |
1999 |
| ඩබ්.එම්.ගුණවර්ධන මයා (වැ.බ) | 1999 | 2001 |
| එල්.ඩී.සී.මහානාම මයා | 2001 | 2002 |
| එන්.ජී.පණ්ඩිතරත්න මයා | 2002 | 2005 |
| ඊ.එම්.ඩී.එස්.ඒකනායක මයා | 2005 | 2008 |
| කේ.පී.සිරිබද්දන මයා | 2008 | 2012.02.1 |
| එම්.යූ.නිශාන්ත මයා | 2012.02.02 | 2012.09.19 |
| ඩී.කේ.ඒ.ප්‍රේමලාල් මයා | 2012.09.19 | 2015.09.09 |
| එන්.ඒ.ඒ.එස්.නිශ්ශංක ආරච්චි මයා | 2015.09.11 | 2016.12.09 |
| එස්.එම්.කේ.කුමාරිහාමි මිය | 2016.12.11 | 2020.07.21 |
| එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මයා(රා.ඉ.) | 2020.07.23 | 2021.03.08 |
| සී.එම්.කරුණාරත්න මෙය | 2021.03.09 | මේ දක්වා |
2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි ය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | - | 01 | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | - | 01 | |||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 25 | 25 | - | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 01 | 01 | - | - | - | |
| භාෂා පරිවර්තක | 01 | - | 01 | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 09 | 07 | 02 | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | - | - | - | |






























