අපගේ දැක්ම

“ ප්‍රජාවත් පරිසරයත් සුරක්ෂිත වූ සංස්කෘතික කොට්ඨාසයක් “

අපගේ මෙහෙවර

ආයතනය සතු සම්පත් හා ආයතනයන්ගේ මනා සම්බන්ධීකරණය තුළින් සේවාලාභීන් වෙත සඵලදායි සේවාවක් සැපයීමත්,එමඟින් ප්‍රාදේශීය සංවර්ධනය ඇතිකරලීම හා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම.

ඉතිහාසය ඇලහැර

මුල ඓතිහාසික යුගයෙන් ඔබ්බට දිවෙනා දීර්ඝ උරුම කියන්නාවු ඇලහැර,ලෝහ තාක්ෂණයේ හා වාරි  කර්මාන්තයේ නිපුන් ගෝත්‍රික ජනතාවගේ වාස භූමියක්ව පැවති බවට පැහැදිලි සාක්ෂි හඳුනාගත හැකිය.එසේම ඔවුන් අපෙන් ගිලිහී ගිය දියුණු සංස්කෘතියකටද හිමිකරුවෝ වුහ.

අනුරාධපුර කේන්ද්‍ර කොට එක්සේසත් වු ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන පාලන ඒකක තුනක් විය. ත්‍රී සිංහලය නම්වු එය නැවත කුඩා  ඒකක 108 කට බෙදී තිබුණි.මේවා "රටවල්"  ලෙස හැඳින්වු අතර රජරටට අයත්වූ රටවල් 44 න් තෙවැන්න "අලිසාර රට්ඨය" විය.ආලිසාර >ඇළඝර>ඇළහැර ලෙස පරිණාමය විය.බටහිරින් "සුර අම්බවන" රටින්ද වයඹින් "අම්බවන රටින්ද"උතුරින් "ජනපද රටින්ද"මායිම් වූ ආළිසාර රටට ආළ ග්‍රාමයේ (ඇළගොමුවේ) සිට  කෝන්දුරුව (කෝදුරුවාව) දක්වා අඹන් ගඟ දෑල අයත් විය. ආළි ග්‍රාමය ආළිසාර රටේ ප්‍රධාන මුරපොළ විය.විල්ගමුවද (නමලත් දුර)දේවගිරියද,දාස්ගිරියද අතීතයේ ආළිසාර රටට අයත් වු ග්‍රාමයන් විය.මායා රටේ සිට පැරණි පුලනරු(පොලොන්නරුව) දක්වා විහිදී යන ප්‍රධාන මාර්ගයේ ආළිසාර රටට අයත් ස්ථාන නාම කිහිපයක් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන්වේ.ආළිග්‍රාමය තලාත්ථලකත්ථලි (තලාගොඩ)මිලාන කද්දූර් (හඳුනාගෙන නොමැත) කී රාට්(හීරටිය) උද්ධකුරංගම අධෝකුරංගාම(හඳුනාගෙන නොමැත) හත්තනඛන්ඩ්ඩාලගම (අත්තනකඩවල) ඉන් සමහරකි.

ආළිසාර රටේ ජීවනාලිය  ආළිසාර ඇලයි.ලාංකීය වාරි තාක්ෂණයේ අගනා නිර්මාණයක්වූ එය අනුරාධපුර රාජධානියේ පාලකයෙක්වූ වසභ රජුගේ නිමැවුමක් යැයි කියතත් එහි සැබෑ ආරම්භය එයිනුත් අෑතට දිවයන  බවට සාධක හඳුනාගෙන  තිබේ.ඉන් පසු අවස්ථා කිහිපයකදීම වසභ,මහසෙන්,I අග්බෝ,II අග්බෝ, මහා විජයබාහු සහ පරාක්‍රමබාහු ආදී රජවරුන් විසින් මෙම අගනා වාරි නිර්මාණය සංවර්ධනය කොට  අඹන් ගංගාවෙත් මහා වාලුකා නදියෙත් බටහිර ද්‍රෝනි සශ්‍රීක ගොඩබිම් බවට පරිවර්තනය කොට තිබේ.12 වන සියවසේදි ආළිසාර ඇල හත්තොට අමුණ,ඇලහැර,මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සිට මුහුද දක්වා කොටස නෞකා ගමනාගමනය සඳහාද යොදාගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි.

 සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එම්.පී.එස්.ධම්මසේන මයා 1972 1977
පාලිත ඇල්කඩුව මයා 1977 1977
ඩබ්.ජයවර්ධන මයා 1978 1983
යූ.ඩී.යාපා මයා 1983 1991
ඩබ්.එම්.ගුණවර්ධන මයා(වැ.බ) 1991 1992
එන්.බී.උඩගෙදර මයා 1992 1993
ජේ.එච්.එම්.රණවීර මයා 1993 1995
ජී.ඩී.කේ.ගම්ලත් මයා 1995 1995
පී.රාජපක්ෂ මයා 1995 1995
පී.එල්.නන්දසිරි මයා 1995 1998
පී.රාජපක්ෂ මයා (වැ.බ.)

1998

1999
ඩබ්.එම්.ගුණවර්ධන මයා (වැ.බ) 1999  2001
එල්.ඩී.සී.මහානාම මයා 2001 2002
එන්.ජී.පණ්ඩිතරත්න මයා 2002 2005
ඊ.එම්.ඩී.එස්.ඒකනායක මයා 2005 2008
කේ.පී.සිරිබද්දන මයා 2008 2012.02.1
එම්.යූ.නිශාන්ත මයා 2012.02.02 2012.09.19
ඩී.කේ.ඒ.ප්‍රේමලාල් මයා 2012.09.19 2015.09.09
එන්.ඒ.ඒ.එස්.නිශ්ශංක ආරච්චි මයා 2015.09.11 2016.12.09
එස්.එම්.කේ.කුමාරිහාමි මිය 2016.12.11 2020.07.21
එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මයා(රා.ඉ.) 2020.07.23 2021.03.08
සී.එම්.කරුණාරත්න මෙය 2021.03.09 මේ දක්වා

News & Events

04
නොවැ2025
සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025

“සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025“ ඇලහැර ප්‍රාදේශීය...

29
මැයි2025

රාජ්‍ය වෙසක් මහෝත්සවය 2025

“ භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ...

Scroll To Top