“සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය 2025“
ඇලහැර ප්‍රාදේශීය ලේකම්තුමිගේ උපදෙස් පරිදි, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල දරුවන්ගේ ගායන, නර්ථන, රංගන කුසලතා එළි දැක්වීම සඳහා සංවිධානය කරන ලද “සාකල්‍යා අලිසාර සංස්කෘතික මංගල්‍යය “ 2025.10.29 වන දින ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙහිදී කොට්ඨාසයේ රාජ්‍ය ආයතන වල නිලධාරි මහත්ම මහත්මින් රැසක් ඔවුන්ගේ දක්ෂතා දැක්වූ අතර මෙම අවස්ථාව සඳහා පොලනේනරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇළහැර ප්‍රාදේශීය සම්බ්නධීකරණ කමිටු සභාපති ගරු සුනිල් රත්නසිරි මැතිතුමා, පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා, ඇළහැර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි විය.

“ භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ “
(කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු)
බුද්ධ වර්ෂ - 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව 2025.05.10 – 2025.05.16 දක්වා පැවති “වෙසක් සතිය“ වෙනුවෙන් ඇළැහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක වැඩසටහන් සාරාංශය
- விவரங்கள்
2021 වසරේ අපකළ මෙහෙවරයන් පිළිබඳ සොඳුරුආවර්ජනය...

2021 වර්ෂය පුරාවට ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිළ දරුවන් විසින් ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිදුකළ මෙහෙවර සිහි කිරීම හා ඇගයීම වස් කෙරෙන සොදුරු ආවර්ජනය...
76 වන නිදහස් දින සමරු උළෙල
අභිමානවත් 76 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුළු කොට්ඨාසයම ආවරණය වන පරිදි දින 05ක් පුරා පහත වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදි.
|
දිනය |
පැවැත්වූ වැඩසටහන |
|
2024.02.01 |
අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම. |
|
2024.02.02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම |
|
2024.02.03 |
ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම |
|
2024.02.04 |
නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල |
|
2024.02.05 |
හීරටිය වසමේ ශ්‍රී පුණ්‍යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන |
|
2024.02.06 |
කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු |
- 2024.02.01 දින අත්තනකඩවල උතුර ග්‍රාම නිලධාරි වසමේ අලුතින් ඉදිවන ඇළ ඉවුරේ පුවක් පැළ සිටුවීම.

- 2024.02.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන හා ශ්‍රමදානයක් පැවැත්වීම


- 2024.02.03 දින ගඟේයාය වසමේ වෑකන්ද වැවේ පාසි ඉවත් කිරීම


- 2024.02.04 දින නිකපිටිය වසමේ පැවැත්වූ නිදහස් දින සමරු උළෙල


- 2024.02.05 දින හීරටිය වසමේ ශ්‍රී පුණ්‍යවර්ධනාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන


- 2024.02.06 දින කොට්ඨාසයේ වසම් 28ම ආවරණය වන පරිදි නිල සෙවණ කාර්යාල මූලික කර ගනිමින් පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන් හා ශ්‍රමදාන කටයුතු


















